Format කරගැනීමට නොහැකි Pen Drive සහ SD Card, HD Drive… වගේ Devices Format කරගමු.

Windows was unable to complete the format!!!





විවිධ virus බලපැම් සහ අපගේ භාවිතයේදී වෙන වැරදි නිසා pen, chip අපට සාමාන් ලෙස open කිරීමට හා format කරගැනීමට නොහැකි වෙනවා. අද අපි බලමු කොහොමද මේ වගේ error සහිත පෙන් එකක් format කරගන්නේ කියලා.

ප්‍රථමයෙන් දෝෂ සහිත pen drive එක ඔබගේ පරිගණකයට සම්බන්ධ කරගන්න

Step 01. Command Prompt එක විවෘත කරගන්න. මේ සඳහා පහත දැක්වෙන පරිදි “cmd” ලෙස type කර search කරගෙන Admin Account එක මඟින් විවෘත කරගන්න.
  



Step 02. “diskpart” ලෙස type කර enter යතුර press කරන්න.






Step 03. ඉන් පසුlist disk” ලෙස type කර enter යතුර press කරන්න.






Step 04. ඉන් පසු ඔබගේ pen drive එකට අදාළ Disk එක තෝරාගන්න. තෝරගෙන පසුව පහල ලෙස තෝරගත් disk name එක සහිත type කරන්න. “select disk 1” ලෙස type කර enter යතුර press කරන්න.






Step 05.clean” ලෙස type කර enter යතුර press කරන්න.






Step 06. create partition primary” ලෙස type කර enter යතුර press කරන්න.



Step 07. “format fs=ntfs” ලෙස type කර enter යතුර press කරන්න. මෙහිදී 0 සිට 100 දක්වා pen drive එක  format වීමට පටන් ගනී. මේ සඳහා සැළකිය යුතු කාලයක් ගත වේ.



Step 08. format වී අවසානයේ “assing” ලෙස type කර enter යතුර press කරන්න.
අවසානයේ command prompt එක close කර දමන්න.



දැන් ඔයාට ඉස්සර වගේ ඔයාගෙ pen එක පාවිච්චි කරන්න පුළුවන්.

 ගැටලුවක් ඇත්නම් පහළින් comment කරන්න.



Comments

Post a Comment

Popular posts from this blog

නිවැරදිව Google Account එකක් හදමු

Google account ආරක්ෂාව වැඩි කරමු